25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය අද (12) අළුයම මහව දුම්රිය ස්ථානයේදී පිළී පැනීම හේතුවෙනුයි දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හා මහව සිට මඩකලපුව බලා ධාවනය වන මිශ්‍ර දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවේ.