― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldමුකේෂ් අම්බානි මුරලිදරන් සමඟ අත්වැල් බැඳගනී

මුකේෂ් අම්බානි මුරලිදරන් සමඟ අත්වැල් බැඳගනී

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමාගම ගුජරාටය පදනම් කරගත් සිසිල් බීම සමාගමක් වන ‘Campa Cola’ අත්පත් කර ගෙන එම සිසිල් බීම අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 50කට පෙර කෙම්පා කෝලා යනු ‘මේ ග්‍රීෂ්මයේ විශිෂ්ට ඉන්දියානු රසය’ යන සටන් පාඨය සහිත ජනප්‍රියම සිසිල් බීම වීමද විශේෂත්වයක්.

අලුතින් අලෙවි කරන ලද Reliance විසින් Campa Cola, Campa Orange සහ Campa Lemon ලෙස සිසිල් බීම වර්ග තුනක් හඳුන්වා දී ඇත.

ඒ අනුව කැම්පා කෝලා සමාගම තවදුරටත් දියුණු කිරීම සඳහා රිලයන්ස් සමාගම,
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සමාගම සමඟ ගිවිසුමකට එළැඹ ඇති බව දැනගන්නට ඇත.

එම ගනුදෙනුවේ කොටසක් ලෙස මුරලිදරන්ගේ Ceylon Beverages International සමාගම විසින් කැම්පා කෝලා ඇලුමිනියම් කෑන්වල අසුරා බෙදා හැරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සඳහා නුදුරු අනාගතයේ දී Ceylon Beverages සමාගම ඉන්දියාවේ පෙගින්ග් සඳහා කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.