11.3 C
London
Tuesday, May 30, 2023

සහල් තොග සත්ත්ව ආහාරවලට දෙන්න එපා

සත්ව ආහාර සඳහා සහල් යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (15) කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග යොදා ගැනීමට නිර්දේශ ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහිදී නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමත් සමඟ මෙරට බඩඉරිඟු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා අඩුවීම හේතුවෙන් 2022 වර්ෂයේ දී සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු විශාල හිඟයක් ඇති වුණා.

ඒ අනුව 2022 වසර තුළ මෙරටට බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. 2023 වර්ෂයේ ජනවාරි සිට අප්‍රෙල් මස දක්වා මෙරටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 27,867ක් ආනයනය කර ඇති අතර පසුගිය මහ කන්නයේදී මෙට්‍රික් ටොන් 187,000ක අස්වැන්නක් ලැබී තිබෙනවා.

මෙවර යල කන්නයේදී මෙට්‍රික් ටොන් 67,000ක අස්වැන්නක් අපේක්ෂාකරන අතර 2023 වර්ෂය සඳහා සමස්ත බඩඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක්. කෙසේ වුව ද දැනට පවතින බඩඉරිඟු ප්‍රමාණය අනුව සත්ව ආහාර සැකසීම සඳහා තවත් මෙට්‍රික් ටොන් 217,633ක් අවශ්‍යව තිබෙනවා.

මෙම බඩඉරිඟු ප්‍රමාණය සඳහා සහල් යොදා ගැනීමේ හැකියාවක් ඇතත් යල කන්නයේ අස්වනු නෙලාගන්නා තෙක් පවතින සහල් හා වී තොග සත්ව ආහාර සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දුන්නා.

පසුගිය යල හා මහ කන්නයේ අස්වැන්න සහ මෙවර යල කන්නයේ වී අස්වැන්නත් ඇතුළත්ව රට තුළ මෙට්‍රික් ටොන් මිලියන 05ක වී අස්වැන්නක් රට තුළ පවතිනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

නමුත් යල කන්නයේ වගා කටයුතු දැනට සිදුවෙන නිසා අපේක්ෂිත වී අස්වැන්න ලැබෙන තෙක් නිවැරදිව අස්වනු පුරෝකථනය කිරීම සිදු කළ නොහැකියි. නමුත් වී මෙට්‍රික් ටොන් මිලියන 05ක අස්වනු ඉළක්කය 2023 දී ලබා ගැනීමට හැකි වුවහොත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක අතිරික්තයක් ඇති වනවා.

එම ප්‍රමාණය සත්ව ආහාර සඳහා යොදාගැනීමට හැකියාව ඇතැයි ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය වුණා. කෙසේ වුව ද යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට පවතින සහල් තොග සත්ව ආහාර සඳහා යොදාගැනීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

Latest

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේදී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව එලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව කෘෂිකර්ම...

වහලෙට නැග උපවාස කළ රැඳවියා විජලනයෙන් රෝහලට

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුර දී ඇති වූ විජලන තත්ත්වයක් හේතුවෙන් ඔහු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here