33.9 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේරුවල මුහුදේ සැරිසරන කිඹුලා

බේරුවල මුහුදේ සැරිසරන කිඹුලා

බේරුවල, මාගල්කන්ද මුහුදු වෙරළ ආසන්නයේ ගැට කිඹුලෙක් සැරිසරන බව වාර්තා වෙයි.

ප්‍රදේශවාසීහූ පවසන්නේ දින ගණනාවක සිට මෙම ගැට කිඹුලා මුහුදු වෙරළ ආසන්නයේ සැරිසරන ආකාරය ඔවුන් දුටු බවයි.

එම කිඹුලා ඊයේ දිනයේ ද වෙරළ ආසන්නයේ සැරිසරා ඇති අතර මේ හේතුවෙන් ධීවරයින්ද තරමක භීතියෙන් පසුවන බවත් ප්‍රදේශයේ ජනතාව මුහුදු වෙරළට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් අප වාර්තාකරු පැවසීය.

ප්‍රදේශවාසීන් විසින් කිඹුලා සම්බන්ධයෙන් දිගින් දිගටම හික්කඩුව වනජීවි කාර්යාලය දැනුවත් කළ ද ඔවුන් කිඹුලා ඇල්ලීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.