― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමඟුල් ගෙදරකින් කාපු කෑම විෂ වී ඉන්දියාවේ 130ක් රෝහලේ

මඟුල් ගෙදරකින් කාපු කෑම විෂ වී ඉන්දියාවේ 130ක් රෝහලේ

ඉන්දියාවේ මලප්පුරම් ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකදී ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයන් 130 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

එරට සෞඛ්‍ය නිලධාරීන් අද (19) ප්‍රකාශ කළේ එම පිරිස මලප්පුරම් දිස්ත්‍රික්කයේ විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත් රෝහල්ගත කළ ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය අසාධ්‍ය බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මෙලෙස රෝගී වී ඇත්තේ මනාලයාගේ පවුලේ අය විසින් සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයේදී ආහාර ගත් පිරිසකුයි.

ඔවුන්ට උණ, පාචනය සහ වමනය වැනි ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ මතු වී තිබෙනවා.