― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේන ගුවන් නියමුවන්ට අධි බලැති ජෙට් යානා පැදවීමේ පුහුණුවට ඇමෙරිකානු ජනපතිගෙන් අවසර

යුක්‍රේන ගුවන් නියමුවන්ට අධි බලැති ජෙට් යානා පැදවීමේ පුහුණුවට ඇමෙරිකානු ජනපතිගෙන් අවසර

යුක්‍රේන ගුවන් නියමුවන්,අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඩ්සය අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ (19) ජපානයේ පැවති ජී හත සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අධිබලැති ප්‍රහාරක ජෙට් යානා භාවිත කිරීමෙන් රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට වැඩි වාසියක් ලබාගත හැකි බව යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙස්න්කි අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ ය.

නමුත් අමෙරිකාව ඊට නිසි ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැත.

ඊයේ (19) ජී හත සමුළුව අතරතුරදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක්ද අමෙරිකාවේ පුහුණු වැඩසටහන සඳහා සහය ලබාදෙන බවට පවසා තිබේ.

විදෙස් වාර්තාවලට අනුව ඉදිරි සති කිහිපය තුළදී අමෙරිකාව, යුක්‍රේන ගුවන් නියමුවන් සඳහා මෙම පුහුණුව ආරම්භ කිරීමට නියමිතයි.