― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන යාත්‍රාවේ තිබී සිරුරු කොටස් හමුවෙයි

චීන යාත්‍රාවේ තිබී සිරුරු කොටස් හමුවෙයි

ඉන්දියන් සාගරයේදී කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සමග පසුගියදා අනතුරට ලක් වූ චීන ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් එම යාත්‍රාවේ කොටසක් සොයාගෙන ඇති අතර එහි තිබී අදාළ සිරුරු කොටස් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මුදාගැනීම් කටයුතු සඳහා සහාය වන ලෙසට සිය තානාපති කාර්යාල හරහා චීන විදේශ අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලීම් කරනු ලැබීය.

එම යාත්‍රාවේ චීන ජාතිකයන් 17ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 17ක් සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙක් සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සිරුරු කොටස් හඳුනාගැනීමට නොහැකි වන ලෙසට හානී සිදු වී ඇති බවයි.