29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවමගුලකින් අවසන් වූ මංගල ගමන

අවමගුලකින් අවසන් වූ මංගල ගමන

මන්නාරම ප්‍රධාන පාලම මතදී ත්‍රීරෝද රථයක් සහ ජිප් රථයක් ගැටී සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (24) මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ වව්නියාවේ සිට මන්නාරමට ධාවනය වූ ත්‍රී රෝද රථයක් සහ මන්නාරම සිට කල්ලඩි දෙසට ධාවනය වූ ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරට ලක්වූ ත්‍රී රෝද රථයේ ගමන් කර ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් සඳහා ගිය එකම පවුලේ 5 දෙනෙක්. ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් සහ අවුරුදු 4,6,9 යන වයස්වල දරුවන් තිදෙනා මන්නාරම රෝහලට ඇතුලත් කර තිබෙනවා. ජිප් රථ රියදුරුගේ අධික වේගය මෙම අනතුරට හේතුව බව සැක පළ කරන අතර අනතුර සමබන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.