24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශාෆ්ටර්ගේ දේහය අද ගොඩ ගනී

ශාෆ්ටර්ගේ දේහය අද ගොඩ ගනී

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මළ සිරුර අද (25) පෙරවරුවේ නැවත ගොඩ ගැනීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මළ සිරුර අද ගොඩ ගන්නා බවයි.

ශාෆ්ටර්ගේ මළ සිරුර මිහිදන් කර ඇති බොරැල්ල කනත්තේ අදාළ ස්ථානයට බොරැල්ල පොලීසිය විසින් ආරක්ෂාව සපයා ඇත.