― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsනිධන් හෑරූ 04ක් පොලීසියට කොටු වෙයි

නිධන් හෑරූ 04ක් පොලීසියට කොටු වෙයි

මොනරාගල, වොල්වත්ත ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පිරිසක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32, 46 හා 56 වියේ පසුවන අය බවයි පොලීසිය පවසන්නේ.

මොවුන් මහඔය, වත්තේගම, ගල්කිරියාගම, හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැටලීමේදී පූජා භාණ්ඩ ඇතුළු කැණීම් සඳහා යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් සිව් දෙනා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.