26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන්

ශාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන්

අධිකරණ නියෝග මත ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණ පරීක්ෂණය අවසන් කර තිබේ.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂ අධිකරණ වෛද්‍ය යූ.සී.ජී. පෙරේරා මේ බව සඳහන් කළේය.

මීට මාස 5කට පෙර අභිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය පසුගියදා ගොඩගනු ලැබුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අධිකරණ වෛද්‍ය සභාවේ නිර්දේශයෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියගේ නියෝගයකට අනුවයි.