Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නඩුව අවසන් වනතෙක් කෙහෙළියට ඇප නැහැ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළේ ආන්දෝලනාත්මක...
HomeNewsමොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේදී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව එලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. ලංකා ඒකනායක නැමති 33 හැවිරිදි එම පුද්ගලයා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු සමාජ ශාලා කළමනාකරුවෙක් බවත් ඔහුගේ වම් අතේ පහළ බාහුවේ මැණික් කටුවේ සිට ඉහළට උඩු අතට කුරුල්ලෙකුගේ පිහාටු රුව කළු පාටින් පච්චයක් කොටා ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733, ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335, ස්ථානාධිපති විමර්ශන ඒකක 1 – 071 8596503