26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනතාෂාට අනුබල දුන් බෲනෝ අත්අඩංගුවට

නතාෂාට අනුබල දුන් බෲනෝ අත්අඩංගුවට

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ නතාශා එදිරිසූරිය නැමති කාන්තාවට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් බෲනෝ දිවාකර නම් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් මෙම පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාර කිරීමට අනුබල ලබාදී ඇති බවටයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

බෲනෝ දිවාකර නම් පුද්ගලයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

37 හැවිරිදි සැකකරු පල්ලිය පාර මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරනවා.