27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා මුහුදට වැටී ජීවිතක්ෂයට

නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා මුහුදට වැටී ජීවිතක්ෂයට

අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා නෞකාවේ ඉහළ මහලෙන් මුහුදට වැටීමෙන් අද (01) අළුයම මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

අදාළ නෞකාවගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ අතර නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා මුහුදට වැටීමෙන් පසු නෞකාවේ සේවකයින් ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන්පසුවයි 62 හැවිරිදි ලිතුවෙනියා ජාතික ඉංජිනේරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙම නෞකාව අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඉකුත් 29 වැනිදා සිට ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ අතර නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ දේහය මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පවසන්නේ තානාපති කාර්යාලය දැනුවත් කොට ඉදිරියේදී පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට කටයුතු කරන බවයි.