30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකාට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ඇරඹේ

හිරුණිකාට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ඇරඹේ

2015 වසරේ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සී.සී.ටී.වී. දර්ශනවලට අදාළ සාක්ෂි විමසීම කොළඹ මහාධිකරණය හමුවේ මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේයි නඩු විභාගය පැවැත්වෙන්නේ.

එහිදී නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන සී.සී.ටී.වී වීඩියෝ පට අධිකරණය හමුවේ ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීමක් සිදු කරනු ලබනවා.

නඩු විභාගය තවදුරටත් පැවැත්වෙනවා.