29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews50%ක ඉන්ධන සංචිතයක් නැත්නම් බලපත්‍රය අවලංගුයි

50%ක ඉන්ධන සංචිතයක් නැත්නම් බලපත්‍රය අවලංගුයි

50% අවම තොග පවත්වාගෙන නොයන ඉන්ධන පිරවුම්හල්වල බලපත‍්‍රය අත්හිටුවීමට නියෝග කර තිබේ.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉන්දීය තෙල් සංස්ථාවේ ප්‍රමාණවත් ඉන්ධන ඇති බැවින් ඉන්ධන හිඟයක් ගැන කලබල නොවිය යුතු බවයි.

මිල පහත වැටීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන වෙන්කර නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සියයට 50 ක අවම තොගයක් පවත්වා ගැනීමට අපොහොසත් වන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කර තිබේ.