28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ යුවළක් මංගල රාත්‍රියේදීම අවසන් ගමන් යයි

ඉන්දියාවේ යුවළක් මංගල රාත්‍රියේදීම අවසන් ගමන් යයි

මංගල රාත්‍රියේම සැක කටයුතු ලෙස අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වන අතර 22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුෂ්පා දේවි පසුගිය 30 වැනිදා විවාහ වී තිබේ.

විවාහය දා රාත්‍රියේ යුවළ ප්‍රතාප් යාදව්ගේ නිවසේ චාරිත්‍රානුකූලව නතර වී ඇති අතර පසුවදා උදෑසන ඥාතීන් පැමිණ කතා කළද ඔවුන් කාමරයෙන් එළියට නොපැමිණි නිසා දොර කඩා පරීක්ෂා කර තිබේ.

එහිදි ඔවුන් දෙදෙනා කාමරය තුළ මියගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළ වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය නොමැති කමින් මොවුන් දෙදෙනාට හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි.

නව යුවළගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුකළ අතර ඔවුන් අනුභව කළ ආහාර පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව එම ප්‍රදේශයේ පොලීසිය පවසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.