― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාදුක්කේ වෙඩි තැබීමක්

පාදුක්කේ වෙඩි තැබීමක්

පාදුක්ක, වල්පිට, තිසර උයන ප්‍රදේශයේදී අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩ භාරගැනීමට යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා 62 හැවිරිදි වියේ පසුවන තිසර උයන, බටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.