27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews09 දෙනෙක් රෝහලට යැවූ වන්දනා ගමන

09 දෙනෙක් රෝහලට යැවූ වන්දනා ගමන

පොළොන්නරුව, මඩකලපුව මාර්ගයේ මියන්කුලම ප්‍රදේශයේදී ඊයේ (04) වෑන් රථයක් අනතුරට ලක්ව තිබේ.

පොලිසිය පවසන්නේ පොළොන්නරුව දෙස සිට සේරුවිල දෙසට ධාවනය වූ වෑන් රථයක පිටුපස ටයරය පුපුරා යාමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 3 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා ඇත.

මෙම පිරිස වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වන්දනා ගමනක් යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වාලච්චේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.