30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සාකච්ඡාවට කමිටුවක්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සාකච්ඡාවට කමිටුවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ සමතය සම්බන්ධයෙන් සාකච්ඡාවට විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව මෙම කණ්ඩායම පත් කර ඇති අතර
ඊයේ (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම කණ්ඩායමට අනුමැතිය හිමි වී තිබේ.

නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම ක්‍රියාත්මක වන අතර කණ්ඩායමේ සෙසු සාමාජිකයින් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා, ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සහ ඕස්ට්‍රේලියාවේ නීති උපදේශකවරයා කටයුතු කරනු ලබයි.