26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලරය බාල්දු වීමෙන් වතු සමාගම් පාඩු ලබයි

ඩොලරය බාල්දු වීමෙන් වතු සමාගම් පාඩු ලබයි

උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටී තිබේ.

මේ හේතුවෙන් තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ.

ඩොලරයේ අගය පහත වැටීමත් සමඟයි මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ. ඔවුන් පවසන්නේ පසුගිය මාස කිහිපය තුළ තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක් රුපියල් 1800-1900 අතර අලෙවි වූ අතර ඉකුත් සතියේ තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබූ නිමි තේ කිලෝවක් රුපියල් 800-900 වැනි උපරිම මිලකට අලෙවි වූ බවයි.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් වශයෙන් ගෙවිය යුතු බවත් වැඩි වූ විදුලි බිල, තේ වේලීම සඳහා භාවිතා කරන දැව මිල ඉහළ යාම ඇතුළු ද්‍රව්‍ය රැසකම මිල ඉහළ යාම නිසා නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිමට විශාල මුදලක් වැය වන බවයි.