26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහර්ෂට මුදල් කාරක සභාවේ සභාපති ධුරය

හර්ෂට මුදල් කාරක සභාවේ සභාපති ධුරය

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය ලබා දී ඇත්තේ.

ජනාධිපතිවරයා සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති අතර එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබෙනවා.

එය මුදල් කාරක සභාවේ සාමාජිකයින් ඒකමතිකව පිළිගෙන ඇති අතර අනතුරුව පැවති පාර්ලිමේන්තු තේරීම් පිළිබඳ කාරක සභාවේදී හර්ෂ ද සිල්වා සභාපති ධුරයට පත්කිරීමට අනුමැතිය ලබාදුන් බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ.