26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පසුගිය වසරේ

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පසුගිය වසරේ

පසුගිය වසරේදී ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් බිලියන 13.1 ක මුදලක් ලබාගත හැකිවූ බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගියදා (06) කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

ආනයනය සීමා කිරීම හරහා ‍මෙරට කර්මාන්තවල විශාල ප්‍රගමනයක් දැකිය හැකි බවත්
මෝටර් රථ සහ ත්‍රීරෝද රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන් 22 ක් මේවන විට මෙරට තුළ කටයුතු කරන බවත් හදුනාගත් ක්ෂේත්‍ර 20 ක් ඔස්සේ කර්මාන්ත සංවර්ධන කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ, මැටි, කජු, වේවැල්, උණබට යනාදී විවිධ කර්මාන්ත ආශ්‍රිතව පවතින ගැටලු රැසක් මෙහිදී මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවේ අවධානයට යොමුකරන ලදී. ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.