27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවස්කඩුවෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

වස්කඩුවෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (08) උදෑසන අනතුරට ලක්වීමෙන් තිදරු පියෙකු අතුරුදන්ව තිබෙනවා.

එහිදී දිවි ගලවාගත් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පැවසීය. මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර, විලේගොඩ රෝසවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන් සිල්වා නමැති 35 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කීය.

අතුරුදන්ව ඇති පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග අද උදෑසන 6.30 ට පමණ කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් ඇත.

එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර තිදෙනා බෝට්ටුවේ එල්ලී සිට ඇති අතර රළ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවස්න්නේ.

දිවි ගලවාගත් දෙදෙනා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.