― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ලේ විශේෂ මෙහෙයුමක් - 35ක් අත්අඩංගුවට

බොරැල්ලේ විශේෂ මෙහෙයුමක් – 35ක් අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් සැකකරුවන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව ඊයේ (11) අලුයම් කාලයේ මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා. මෙම මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමඟ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම කඩු 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා සැකකරුවන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) අලුත්කඩේ හා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.