27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදානි සමූහය මෙරට වැඩ අරඹයි

අදානි සමූහය මෙරට වැඩ අරඹයි

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවයකින් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරිම සම්බන්ධයෙන් ඊයේ (12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ඉන්දියාවේ අදානි සමූහයේ කළමණාකරණ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්ධානා ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙම හමුවේ දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී අදානි සමූහය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් මස වන විට අවසන් කිරීම තම අපේක්ෂාව බවයි.