31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඇමරිකාව නැවතත් යුනෙස්කෝවට එක්වෙයි

ඇමරිකාව නැවතත් යුනෙස්කෝවට එක්වෙයි

එක්සත් ජනපදය යළිත් යුනෙස්කෝ සංවිධානයට සම්බන්ධ වීමට තීරණය කර තිබේ.

එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ යුනෙස්කෝ සංවිධානය තුළ චීනයේ වර්ධනය වන බලපෑම මැඩපැවැත්වීම මෙම තීරණයේ අරමුණ බවයි.

අධ්‍යාපනය, විද්‍යාව සහ සංස්කෘතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පලස්තීනය යුනෙස්කෝවට ඇතුළත් කිරීමට 2011 දී යෝජනාවක් සම්මත විය.

ඊට විරෝධය පළ කරමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුනෙස්කෝවට අරමුදල් සැපයීම නතර කළේය.

මීට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ එක්සත් ජනපද රජය 2017දී ප්‍රකාශ කළේ තමන් ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පවසමින් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වන බවයි.

මෙම තත්ත්වය තුළ තමන් යළි යුනෙස්කෝ සංවිධානයට සම්බන්ධ වීමට තීරණය කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් කළමනාකරණ අංශයේ රාජ්‍ය ලේකම් රිචඩ් වාමා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත.