30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ දුම්රිය මාර්ගයක් වැසෙයි

කොළඹ දුම්රිය මාර්ගයක් වැසෙයි

නඩත්තු කටයුතු හේතුවෙන් තාවකාලිකව කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර කොටා පාර දුම්රිය හරස් මාර්ගය ලබන 17 වැනිදා පෙරවරු 7.00 සිට ජුනි මස 18 වැනිදා පෙරවරු 5.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ මෙම දුම්රිය හරස් මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.