27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ටපෝල් රතු නිවේදන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 07ක්

ඉන්ටපෝල් රතු නිවේදන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 07ක්

ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවට ඇතුළත් 6,872 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් හත් දෙනකු සිටින බව වාර්තා වේ.

ඉන්ටර්පෝල් ආයතනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙම හත්දෙනාගෙන් හතර දෙනෙකුම ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයන් වේ.

අනෙක් තිදෙනා විදේශයන්හි අපරාධ රැසකට අදාළ රජයට අවශ්‍ය අය වෙති.

ඉන්ටර්පෝල් වෙබ් අඩවියේ පළ කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, 38 හැවිරිදි කොස්කොඩ සුජී, නටරාජා සිවරාජා (49), මුනිසාමි ධර්මසීලන් (50) සහ විග්නරාසා සෙල්වන්තන් (35) මෙරටට අවශ්‍යව සිටින අපරාධකරුවන් වෙති.

ඉන්ටර්පෝල් රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත් වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව සිටින අයෙකු සොයා ගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කරන ඉල්ලීමකි.