27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 189 වන වාර්ෂික මංගල්‍යය අදයි.

කොළඹ පදවියේ සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මංගල මහා දිව්‍ය පූජාව උදෑසන 10.00 ට පැවැත්වීමට නියමිතය.

මීට අමතරව උදෑසන 8.00ට දමිළ භාෂාවෙන් සහ දහවල් 12.00 ට ඉංග්‍රීසි භාෂාවෙන් මංගල මහා දිව්‍ය පූජාවන් පැවැත්වෙනු ඇති.

පස්වරු 5.30 ට ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර ආරම්භ කිරීමට නියමිතය.

ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවෙන් ආශිර්වාදය දානය කිරීම පස්වරු 8.00ට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.