31.7 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නඩුවට එරෙහිව පෙත්සමක්

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ නඩුව අල්ලස හා දූෂණයෙන් පිරී පවතින බව පවසමින් මහාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඇතුළු සංවිධාන තුනක් මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් විසින් එක්ස්ප්‍රස් පර්ල් නැව අනතුරට ලක්වීමෙන් පසු සිදු වූ වන්දි ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරමින් රාජ්‍ය වංචා සහ දූෂණ සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කර තිබේ.

එසේම එක්ස්ප්‍රස් පර්ල් වන්දි ඉල්ලීම වටා ඇති මැදිහත්වීම් සහ බාහිර බලපෑම් පිළිබඳව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.

මෙම පෙත්සම් විභාගය හෙට යළිත් සිදුකිරීමට නියමිතව තිබීම විශේෂත්වයකි.