27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් දන්සලක් ලබාදෙන බවට සමාජ මාධ්‍යයේ දැමූ සැකකරුවන්ට ඇප

මත්පැන් දන්සලක් ලබාදෙන බවට සමාජ මාධ්‍යයේ දැමූ සැකකරුවන්ට ඇප

මත්පැන් දන්සලක් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 6දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් අත් අඩංගුවට ගත් එම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබූවා.

එහිදී විත්තියේ නීතිඥවරු සඳහන් කළේ එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. තම සේවාදායකයන්ට ඇප නියම කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයට ඉල්ලා සිටියා.

ඉන් පසුව එක් එක් සැකකරු රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා.