28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews26 වැනිදා සිට අඩු මිලට ඖෂධ

26 වැනිදා සිට අඩු මිලට ඖෂධ

අඩු කරනු ලැබූ ඖෂධ මිල ක්‍රියාත්මක වන්නේ මේ මස 26 වැනිදා සිට බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉහළ දමන ලද ඖෂධ වර්ග 60ක මිල ගණන් අද (15) සිට 16%කින් අඩු කර තිබේ. ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියලට සාපේකෂව අඩුවීම හේතුවෙන් මෙලෙස ඖෂධ මිල 16% අඩුකළ බව ඊයේ (15) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව වේදනා නාශක, හෘද රෝග, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා භාවිත කරන ඖෂධ හා එන්නත් වර්ග 60ක මිල අද සිට අඩුකර ඇත. කෙසේනමුත් වැඩි මිලට ගෙන්වන ලද මෙම ඖෂධ තොග තවමත් ඖෂධ හල්වල තිබෙන බැවින් මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන්නේ මේ මස 26 වැනිදා සිට බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.