26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthඩෙංගු මඩින්න රෝහල්වලට විශේෂ මාර්ගෝපදේශ

ඩෙංගු මඩින්න රෝහල්වලට විශේෂ මාර්ගෝපදේශ

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

රෝහල් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීම මෙහි මූලික පරමාර්ථය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු පැවසුවේ.

ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව ඇඳුමක් ඇඳීමට අවසර හිමි වී තිබේ.

ඒ අනුව ලා පැහැති, දිග ඇඳුමක්, නිල ඇඳුමට යටින් ඇඳීමට අවසර හිමිවන බයි පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් සඳහන් කළේ.