26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමුළුවකට ප්‍රංශයට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන්

සමුළුවකට ප්‍රංශයට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන්

පොලිස් සංගමයේ සැසියකට සහභාගී වීම සඳහා ප්‍රංශයට ගිය පොලිස් නිලධාරියෙකුට සේවය අතහැර යෑමේ නියෝගයක් නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියා විදේශගතවීමට නිවාඩු ලබාගෙන අදාළ දිනට නොපැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ.

අදාළ නියෝගය බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කර ඇති අතර මීර දින කිහිපයකට පෙරද ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වන සාංවත්සරික සැමරුම සඳහා බ්‍රිතාන්‍යය බලා ගොස් නැවත මෙරටට නොපැමිණි පොලිස් නිලධාරීන් 4 දෙනාගේද සේවය අත්හිටුවීමට පොලීසිය කටයුතු කළේය.