32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිර්වින්දන ඖෂධයක් නිසා මල් කැකුළක් ජීවිතක්ෂයට

නිර්වින්දන ඖෂධයක් නිසා මල් කැකුළක් ජීවිතක්ෂයට

පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුරදී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝහලේ වෛද්‍යවරු විසින්ද ඒ පිළිබඳව තහවුරු කළ බවයි එම දරුවාගේ පියා සඳහන් කර ඇත්තේ.

පසුගිය මස 23 වැනිදා පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම දරුවා පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් දරුවා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව ශල්‍යකර්මය සිදු කිරීම සඳහා නිර්වින්දන ඖෂධයක් ලබා දී ඇති අතර ඉන් අනතුරුව දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර ද අවස්ථා දෙකකදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය.