25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ 03කට ජූලි සිට විද්‍යුත් බිල්පත්

ප්‍රදේශ 03කට ජූලි සිට විද්‍යුත් බිල්පත්

ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මාසයේ සිට ක්ෂේත්‍ර තුනකට විද්‍යුත් බිල්පත් ක්‍රමය හඳුන්වා දීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සිය ට්විටර් පිටුවේ වීඩියෝවක් හුවමාරු කර ඇති ලංකා විදුලිබල මණ්ඩලය පවසා ඇත්තේ දෙහිවල, කැලණි සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලට විද්‍යුත් ගෙවීම් ක්‍රමය ජූලි 1 වැනිදා හඳුන්වා දෙන බවයි.

කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑලෙන් විදුලි බිල්පත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙසද ලංවිම මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙටු පණිවුඩයක් මගින් විදුලි බිල්පත් ලබා ගැනීමට කැමති අය REG A/C අංකය ටයිප් කර 1987ට කෙටි පණිවුඩයක් යොමු කරන ලෙසයි ලංවිම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විද්‍යුත් තැපෑලෙන් ලියාපදිංචි වීමට කැමති පාරිභෝගිකයින්ට www.ebill.ceb.lk වෙත ලොග් වී ලියාපදිංචි විය හැක.