29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූනාගල රක්ෂිතයේ විශාල ගින්නක්

පූනාගල රක්ෂිතයේ විශාල ගින්නක්

සංවේදී පරිසර පද්ධතියක් සහිත පූනාගල කඳු පංතියේ විශාල ගින්නක් ඇතිවී තිබෙනවා.

ගින්න හේතුවෙන් එම රක්ෂිතයට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (20) දහවල් කාලයේ සිට විශාල ගින්නක් පැතිර යමින් ඇති අතර එම ගින්න අද (21) උදෑසන වනවිටත් කඳු රක්ෂිතයේ තැනින් තැන පැතිර යමින් තිබෙන බව සඳහන් වනවා.

සංවේදී පරිසර පද්ධතියක් සහිත මෙම පූනාගල කඳු රක්ෂිතය මෙලෙස ගිනිගෙන ඇති අතර ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.