27.8 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහොන්ඩුරාස්හි කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් ජීවිතක්ෂයට

හොන්ඩුරාස්හි කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් ජීවිතක්ෂයට

හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් රැඳවියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී තිබේ.

ගැටුම් අතරතුරදී ගින්නක්ද හටගෙන ඇති අතර වෙඩි තැබීම්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය පිරිස අතර සිටින බන්ධානාගාර නිලධාරීන් සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නොමැත.

මේ හේතුවෙන් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.