― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉඟිනියාගල සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල නිවසකින් හමුවෙයි

ඉඟිනියාගල සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල නිවසකින් හමුවෙයි

ඉඟිනියාගල, පොල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදහන් වූ බව කියන සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක සිටියේදී සොයාගත් බව මීගහවත්ත පොලිසිය පවසනවා.

ඉකුත් 15 වනදා මෙලෙස අතුරුදන් වුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි වියේ පසුවන සිසුවියන් දෙදෙනෙක්.

මේ සිසුවියන් දෙදෙනා නිවසින් පිටව කොළඹට පැමිණිමෙන් අනතුරුව එක් සිසුවියක් සමඟ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයෙක්ට ඇමතුමක් දී මුණගැසී තිබෙනවා.

පසුව එම තරුණයා විසින් මෙම සිසුවියන් දෙදෙනා ඔහුගේ මිතුරෙකුගේ අකුරුමුල්ලේ පිහිටි නිවෙසකට රැගෙන ගොස් ඔවුන්ට එහි නවාතැන් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිසුවියන් දෙදෙනා අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව්පියන් ඉඟිනියාගල පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා විමර්ශන ආරම්භ කළා.