26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා දිවිසැරිය නිම කරයි

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා දිවිසැරිය නිම කරයි

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභීයා වන John Goodenough ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 100 හැවිරිදි වියේ පසුවිය. ඉංජිනේරු මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයද ඔහු වෙනුවෙන් ශෝකය පළ කර ඇති අතර එම විශ්ව විද්‍යාලයේ සභාපති Jay Hartzell සඳහන් කර ඇත්තේ දක්ෂ විද්‍යාඥයෙකු ඔවුන්ට අහිමි වූ බවයි.

2019 වසරේ රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට පිරිනමන ලද්දේ වයස අවුරුදු 97 දී ඔහු ලිතියම්-අයන බැටරිය සංවර්ධනය කිරීම ඇතුළුව බැටරි පිළිබඳව ඔහු කළ දෑ වෙනුවෙන්ය.

මෙම සැහැල්ලු, බලවත් බැටරිය තාක්ෂණයේ විප්ලවයක් ඇති කළ අතර, ලැප්ටොප් සහ ජංගම දුරකථන වැනි නවීන අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා විශාල කාර්ය භාරයක්ද ඉටු කරනු ලැබුවා .

අමෙරිකානු දෙමාපියන්ට දාව 1922 දී ජර්මනියේ උපත ලද John Goodenough, උතුරු-නැගෙනහිර එක්සත් ජනපදයේ හැදී වැඩි තිබෙනවා.

දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපද හමුදාවේ කාලගුණ විද්‍යාඥයෙකු ලෙස සේවය කළ ඔහු යේල් විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධියක් මෙන්ම චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.