30.6 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලිනොච්චියේ වෙඩි තැබීමක්

කිලිනොච්චියේ වෙඩි තැබීමක්

අද (28) අලුයම කිලිනොච්චිය පොලිස් වසමේ උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබෙනවා. වෙඩිතැබීමෙන් මෝටර් රථයේ රියදුරු ලෙස සිටි අවුරුදු 38ක පුද්ගලයෙක් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරු සහ තවත් දෙදෙනෙකු මෝටර් රථයකින් කනකපුරම් ප්‍රදේශයට ගොස් සිටිය දී ඇති වු ආරවුලක් හේතුවෙන් මෙලෙස යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.