26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු කොරියානුවන්ගේ වයස අද සිට අඩුවෙයි

දකුණු කොරියානුවන්ගේ වයස අද සිට අඩුවෙයි

දකුණු කොරියානුවන්ගේ වයස අද (28) සිට වසරකින් හෝ වසර දෙකකින් අඩු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් ඔවුන් අතර පැවති සාම්ප්‍රදායික වයස ගණනය කිරීමේ ක්‍රමය අතහැර ඔවුන් ජාත්‍යන්තරය පිලිගත් ක්‍රමවේදයට අනුව වයස ගණනය කිරීම ඊට හේතුවයි.

දකුණු කොරියානු සම්ප්‍රදායට අනුව ඔවුන් මෙතෙක් වයස ගණනය කරනු ලබන්නේ මව්කුස පිලිසිඳගත් දින සිට හෝ ජනවාරි පළවැනිදා සිටයි. එම ක්‍රමය හරහා ජාත්‍යන්තර කටයුතුවලදී ගැටලු රැසකට මුහුණදීම හේතුවෙන් ඔවුන් මෙම නව ක්‍රමයට අවතීර්ණ වී ඇති බවයි වාර්තා වන්නේ.