32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldයුක්රේනයට යළිත් රුසියාවෙන් මිසයිල ප්‍රහාර

යුක්රේනයට යළිත් රුසියාවෙන් මිසයිල ප්‍රහාර

නැගෙනහිර යුක්රේනයේ පිහිටි පරිපාලනමය නගරයන් වන ක්‍රමටොස්ක් වෙත රුසියාව යළි මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40ට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන බලධාරීන් පවසන්නේ මිසයිල ප්‍රහාර එල්ල කරන විට එම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් සිටි බවයි.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදාගැනීමේ මෙහෙයුමක් ද මේ වන විට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.