― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාන්ස් කෝප්‍රල්වරයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ලාන්ස් කෝප්‍රල්වරයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

හෙරොයින් ලඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150ක් තිබී හමු වූ බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ පදිංචි 31 හැවිරිදි ලාන්ස් කොප්‍රල්වරයෙකි.

ඌරගස්මන්හන්දිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

කොස්ගොඩ ලෑලිහේත්තුව ප්‍රදේශයේදියි සැකකාර සෙබලා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.