වනඅලි ගැටලුව විසඳීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (27) අලි මිනිස් ගැටුමට ස්ථිර විසදුමක් සෙවීම සඳහා වන අරමුණින් වනජීවී අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම ගැටලුව විසදීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද එහිදී එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.