26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශාෆ්ටර්ගේ මරණයේ සියලු වාර්තා අධිකරණයට කැඳවන්නැයි නියෝග

ශාෆ්ටර්ගේ මරණයේ සියලු වාර්තා අධිකරණයට කැඳවන්නැයි නියෝග

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ වාර්තා සහ දුරකතන දත්ත වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට අද (27) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කර අවසන් බවට රස පරික්ෂක දෙපාර්තමේන්තුව දුරකතනය මගින් දැනුම් දුන් බැවින් එම වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ විශ්ලේෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළා.