28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුතු රාජා රැගෙන යාමට රුසියානු ගුවන් යානයක් කටුනායකට

මුතු රාජා රැගෙන යාමට රුසියානු ගුවන් යානයක් කටුනායකට

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා , යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු ” ඉලුෂියන් ” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය (30) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට 06/30 දින රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණියා.

මුතු රාජා ඇතා අද (01) දින මධ්‍යම රාත්‍රී 12.00 දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වීමට නියමිතයි .

මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය හෙට (02) දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .