― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරු දෙදෙනාගේ දිවි බේරූ සීයා මුණුපුරෙක් සමඟ ජීවිතක්ෂයට

දරු දෙදෙනාගේ දිවි බේරූ සීයා මුණුපුරෙක් සමඟ ජීවිතක්ෂයට

නොරෝච්චෝල, ඉලන්තඩිය, කසකැලේ මුහුදේ ගසාගෙන ගොස් සීයා සහ මුණුපුරෙකු ඊයේ (02) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් සහ ඔහුගේ 21 හැවිරිදි මුණුපුරා බවයි පොලිසිය පැවසුවේ.
හජ් උත්සවය වෙනුවෙන් සිය මුණුබුරන් හා පවුලේ ඥාතීන් සමඟ ඉලන්තඩිය වෙරළට පැමිණි මෙම පිරිසේ බලවත් ඉල්ලීම පරිදි මුහුදේ දියනෑමට සීයා අවස්ථාව සලසා දී තිබෙනවා.

එහිදී මුණුබුරන් තිදෙනෙක් දිය වැළකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එය දුටු සීයා මුහුදට පැන පිහිනා ගොස් මුණුබුරන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව අනෙක් මුණුබුරා බේරා ගැනීමට යාමේදී සීයාද දිය වැළට හසුව දෙදෙනාම මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන් වූ සීයා සහ මුණුපුරාගේ සිරුරු පසුව ප්‍රදේශවාසීන් විසින් සොයා ගැනුණා.

අදාළ මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීමට පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.