26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ ඩෙංගු මරණ 31ක්

මේ වසරේ ඩෙංගු මරණ 31ක්

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එමෙන්ම ගතවූ දින දෙක තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 439 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එම රෝගීන්ගෙන් 24,837 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් අධි ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.